පස  


පස යනු ?

            "ඛනිජ කාබනික ද්‍රව්‍ය, විවිධ ජීවී ආකාර, වාතය සහ ජලයන් සමන්විත වූ පෘතුවිය මතුපිට පිහිටා ඇති ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන ගතික වූ දේහයකි."


පාංශු ජනනය

           " පස නිර්මාණය වන්නේ මාතෘ පාෂාණ ජීරණය වීමේදී මෙම මාතෘ පාෂාණ පෘථිවි අභ්‍යන්තරයේ දී විවිධ ආකාරයේ පාෂාණ ජීරණය ලක්වේ මෙය පාංශු ජනනය ලෙස හඳුන්වයි"

            පාෂාණ ජීරණය ලක්වීමෙන් පාංශු මාතෘ දව්ය නිර්මාණය වීම සිදුවෙයි. පාංශු මාතෘ දව්ය තවදුරටත් ජීරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස පස නිර්මාණය වීම සිදු වේ


ඒ අනුව පස නිර්මාණය වීම ප්‍රධාන පියවර දෙකක් යටතේ සිදුවේ,

  1. පාංශු ජීරණ
  2. පාංශු ජනනය




පාෂාණ

පාෂාණ යනු?

             "ඛනිජ වර්ග එකක් හෝ කිහිපයක් විශාල වශයෙන් එක් රැස් වීමෙන් සෑදෙන ඝන ඒකකයකි."


පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදනු ලැබේ,


  1. ආග්නේය පාෂාණ
  2. අවසාදිත පාෂාණ
  3. විපරිත පාෂාණ


පාෂාණ ජීරණය සඳහා බලපාන සාධක

  • භෞතික සාධක

    • ජලය 
    • සුළඟ 
    • උෂ්ණත්ව විචල්‍යතා

  • රසායනික සාධක 

    • ද්රාවණය 
    • සජලනය 
    • ඔක්සිහරණය 
    • ජලවිච්ඡේදනය 
    • කීලේටකරණය

  • ජෛව විද්‍යාත්මක සාධක 

    • ලයිකන 
    • ශාක මුල් 
    • මානව ක්‍රියාකාරකම්


පසෙහි මූලික සංඝටක

  1. පාංශු ඝන ද්‍රව්‍ය
  2. පාංශු වාතය
  3. පාංශු ජලය 
  4. පාංශු ජීවීන්


පාංශු ඝන ද්‍රව්‍ය

පාංශු ඝන ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකකින් පිහිටයි

  1. පාංශු ඛනිජ/අකාබනික ද්‍රව්‍ය
  2. පාංශු කාබනික ද්‍රව්‍ය


පාංශු ඛනිජ 

පාංශු ඛනිජ යනු?

                "පසෙහි මාතෘ ද්‍රව්‍යවලින් ව්‍යුත්පන්න වූ අකාබනික ද්‍රව්‍ය වේ."

  • අකාබනික ද්‍රව්‍ය වල නිශ්චිත රසායනික සංයුතියක් පවතී
  • ව්‍යුහය අනුව පාංශු ඛනිජ කොටස් තුනකි, 
    • වැලි 
    • මැටි 
    • රොන්මඩ
  • ප්‍රධානතම වශයෙන් පාංශු ඛනිජ කොටස් දෙකකි
    • ප්‍රාථමික ඛනිජ අංශු 
    • ද්විතීක ඛනිජ අංශු 

 

ප්‍රාථමික ඛනිජ අංශු

                "පාංශු ජීරණයේදී අධික උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේ ඔක්සිජන් නොමැති විටදී සිදුවන ඔක්සිහරණ ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන ඛනිජ අංශ ප්‍රාථමික ඛනිජඅංශු ලෙස හඳුන්වයි."

  • මේවා පසෙහි වැලි සහ රොන්මඩ ලෙස පවතී,
  • ප්‍රාථමික ඛනිජ තවදුරටත් ජීරණ ප්‍රතිරෝධී වේ.
  • දෘඩ බවකින් යුක්තය.
  • වැඩි වශයෙන්ම සිලිකන් අඩංගු වේමේ නිසා සිලිකේට ඛනිජ ලෙසද හඳුන්වයි.
  • බොහෝ අවස්ථාවලදී ආග්නේය පාෂාණ ජීරණය ප්‍රතිඵලයක් ලෙස පාථමික ඛණිජ පසට එකතු වේ.


ද්වීතීක ඛනිජ අංශු

                "පාංශු ජීරණයේ දී අඩු උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේ සිදුවන ඔක්සිකරණ ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙස ද්විතීක ඛනිජ නිර්මාණය වේ."

  • අවසාධිත සහ විපරිත පාෂාණ ජීරණය වීමෙන් ද්විතීක ඛනිජ පසට එකතුවේ
  • පාංශු ඛනිජ වල වැදගත්කම
  • පසෙහි සරු බව කෙරෙහි පාංශු ඛනිජ බලපායි.
  • පසේ භෞතික ගුණාංග පාංශු ඛනිජ මත රඳා පවතී
    • උදා:- පසක පවතින වැලි මැටි රොන්මඩ ප්‍රතිශතය අනුව පාංශු වයනය තීරණය කළ හැකිය.
  • පස්සෙහි වැලි කොටස් රළු වන නිසා පාංශු සවිවරතාවය වැඩිවේ එම නිසා ජල වහනය හා වාතනය හොඳින් සිදුවේ.
  • මැටි ඛනිජවල පෘෂ්ඨය ඍණ ආරෝපණ දරයි මේ නිසා ධන ආරෝපණ තරණ ශාක පෝෂක මැටි අංශුවලට අධිශෝෂණය කර තබා ගත හැකිය එමනිසා අයන හුවමාරු කරගැනීමේ ධාරිතාවය වැඩි වේ මෙය මෙම තත්ත්වය පසක කැටායන හුවමාරු ධාරිතාව ලෙස හඳුන්වනු ලැබේ.

පාංශු කාබනික ද්‍රව්‍ය

                "පාංශු කාබනික ද්‍රව්‍ය නිර්මාණය වන්නේ දිරාපත් වෙමින් පවතින ශාක, සත්ව කොටස් සහ ඔවුන්ගේ විවිධ ශ්‍රාවයන් මිශ්‍ර වීමෙන්ය"

  • පසට එකතු වන කාබනික ද්‍රව්‍ය පස්සෙදි පාංශු ජීවීන් පාංශු තෙතමනය හා සුදුසු පාංශු උෂ්ණත්ව වලදී වියෝජනයට ලක් වේ.
  • මෙහිදී පසේ කාබනික ද්‍රව්‍ය වියෝජනය වී එහි මුල් ස්වරූපය වෙනස් වී හියුමස් බවට පත්වේ.
  • මෙම ක්‍රියාවලිය හියුමි කරණය ලෙස හඳුන්වයි.


පාංශු කාබනික ද්‍රව්‍ය වල වැදගත්කම

  • කාබනික ද්‍රව්‍යය ශාක පෝෂක සඳහා සංචිතයක් ලෙස ක්‍රියා කරයි.
    • උදා:- නයිට්‍රජන්,පොස්පරස්,සල්ෆර්
  • ශාක පෝෂක වල සුලභතාවය කෙරෙහි කාබනික ද්‍රව්‍ය සෘජුවම හා වක්‍ර ලෙස බලපායි.
  • කාබනික ද්‍රව්‍ය පාංශු අංශු සමූහ නිර්මාණය වීමට දායක වන බැවින් පසේ ව්‍යුහය දියුණු වෙයි.
  • පසේ වාතනය ජල ධාරිතාව පාරගම්‍යතාවය ආදී ලක්ෂණ හියුමස් නිසා දියුණු වේ.
  • හියුමස් විශාල වශයෙන් ජලය අවශෝෂණය කරන බැවින් පාංශු ජල ධාරිතාවය ඉහළ නැංවේ.
  • පාංශු වාතනය හොඳින් සිදුවීම නිසා ශාකවල මූල පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සැපයීම හොඳින් සිදුවේ.
  • වායු හුවමාරුව හොඳින් සිදු වීම නිසා පාංශු ජීවීන්ටද හිතකර තත්ත්වයක් ඇති කරයි.
  • හියුමස් නිසා පස කැටායන හුවමාරු ධාරිතාව වැඩි වේ.
  • පසට එකතු වන විෂ සහිත අයන අවශෝෂණය කර ගැනීමෙන් අහස් පාංශු ජීවීන් ඇතිවන අහිතකර තත්ත්ව අවම කරයි.එමගින් ජල දූෂණය ද අවම වේ.



පාංශු ජීවීන්

            "පස වාසස්ථානයක් කරගත් ඕනෑම ජීවියෙක් පාංශු ජීවීන්ලෙස සලකණු ලබයි"

පාංශු ජීවීන් ප්‍රධාන ලෙස වර්ග 3 කි,

  1. මහා ජීවින් 
  2. මජ්ජා ජීවීන් 
  3. ක්ෂුද්‍ර ජීවීන්





 මහා ජීවීන්

            "පසෙහි ජීවත්වන ශරීර පළල 2mm දෙකට වඩා වැඩි වන ජීවීන් වේ"

උදා:-  

  • පෘෂ්ඨවංශීන්         :- මීයන්,උරගයන් 
  • ආත්‍රපෝඩාවන්     :- කුරුමිණියන්කු,හුඹුවන් 
  • ඇනලීඩාවන්        :- ගැඩවිලුන් 
  • මොලුස්කාවන්     :-ගොළුබෙල්ලන්, හංගොල්ලන්

මජ්ජා ජීවීන්

            "ශරීරයේ පලල 0.2-2mm අතරවන පාංශු ජීවීන්"

  • ශාක              :-ලයිකන
  • සත්ත්වයන්    :-ආත්‍රපෝඩාවන්


ක්ෂුද්‍ර ජීවීන්

            "ශරීර පළල 0.2mm වඩා අඩු පියවි ඇසට නොපෙනෙන පාංශු ජීවීන්"

  • බැක්ටීරියා
  • සයනොබැක්ටීරියා
  • ඇල්ගී
  • දිලීර
  • ප්‍රෝටෝසෝවා