ජල විද්‍යාව සහ කාලගුණ විද්‍යා ව


  • ජෛව පද්ධති කෙරෙහි ජලයේ බලපෑම ඉතා වැදගත්ය.

  • ජලයේ වැදගත්කම
    • සෛලවල සංඝටකයක් ලෙස ක්‍රියා කරයි
    • ද්‍රාවකයක් ලෙස
    • ප්‍රතික්‍රියක යක් ලෙස
    • සත්වයින්ට වාසස්ථාන සපයයි
    • දේහ පෘෂ්ඨ සිසිල් කිරීමට දහදිය දැමීම උත්ස්වේදනය

  • නිරන්තර චලනයේ යෙදෙන ජල චක්‍රය විවිධ තැන්වලදී ඝන ද්‍රව සහ වායු ලෙස පවතී


පෘථිවිය මත ජලය පවතින ආකාර


  • වාෂ්ප වළාකුළු වර්ෂණය හා වර්ෂණය
  • සාගර සහ මුහුදෙහි ඇති ලවණ ජලය
  • භූගත ජලය
  • උත්තර හා දක්ෂිණ ධ්‍රැව වල ඇති මිදුණු ජලය
  • ගංගා හා විල්වල ඇති ජලය
  • ජීවී දේහ තුල ඇති ජලය


ජල චක්‍රය

ජල චක්‍රය යනු ?

         "සූර්ය ශක්තිය ආධාර කරගනිමින් එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ජලය වක්‍රාකාරව ගමන් කිරීමේ ක්‍රියාවලියයි"



ජල චක්‍රය ප්‍රධාන සංරචක




  • වාෂ්පීකරණය 
  • උත්ස්වේදනය 
  • ඝනීභවනය 
  • වර්ෂණය 
  • අපදාව 
  • කාන්දු වීම 
  • වෑස්සීම 
  • අතුරු කඩනය


           

ද්‍රව අවස්ථාව     :-

  •  වර්ෂණය,අපදාවය,කාන්දු වීම,වෑස්සීම ,අතුරු කඩනය

ඝන අවස්ථාව   :- 

  • ඝනීභවනය 

වායු අවස්ථාව   :-

  •  වාෂ්පීකරණය,උත්ස්වේදනය

වාෂ්පීකරණය

            "පොළව මතුපිට පිහිටි ජල ප්‍රභව වලින් හෝ පස මතුපිටින් ජලය වාෂ්ප ආකාරයෙන් පිටවී යාම වාෂ්පීකරණය ලෙස හඳුන්වයි"

පොළොව මතුපිට ජලාශ වලට වඩා සාගරේ වාෂ්පීකරණය හත් ගුණයකින් වැඩිය

වාෂ්පීකරණ පරිසර ආර්ද්‍රතාවය ට බලපායි

  • වියළි ගොඩබිම් ප්‍රදේශ වල ආර්ද්‍රතාවය අඩුය (වියළි ප්‍රදේශවල වාෂ්පීකරණය අඩු නිසා) 
  • ජලාශ්‍රිත ප්‍රදේශවල ආර්ද්‍රතාවය වැඩි ය (ජලාශ්‍රිත ප්‍රදේශවල වාෂ්පීකරණය වැඩි නිසා )

බලපාන සාධක
  • හිරු එළිය 
  • සුළඟ
  • ලවණතාවය 
  • මතුපිට ස්වභාවය - රළු බව,ලවණතාවය, උෂ්ණත්වය, ජල ප්‍රමාණය


උත්ස්වේදනය

                "උත්ස්වේදනය යනු ප්‍රධාන වශයෙන්ම ශාක වායව කොටසින් ජලවාෂ්ප පිටවීමයි. මේ ශාකයේ පත්‍ර වල පූටිකා සිදුරු මගින් සිදුවේ"

උත්ස්වේදන සීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක

  • බාහිර සාධක - ආර්ද්‍රතාවය, සුළඟ, උෂ්ණත්වය, ආලෝකය, පස ඇති ප්‍රයෝජන ජල ප්‍රමාණය, CO2 සාන්ද්‍රනය
  • අභ්‍යන්තර සාධක -  පූටිකා සංඛ්‍යාව හා ව්‍යාප්තිය පත්‍ර අභ්‍යන්තර ව්‍යුහය සහ ශාක අඩංගු ජල ප්‍රමාණය


කෘත්‍යයන්
  • පෘෂ්ඨ සිසිල් කිරීම
  • ජලජ ඛනිජ අවශෝෂණය

අවම කිරීමේ අනුවර්තන

  • ගිලුණු පූටිකා 
  • ඝන උච්චර්මය 
  • පත්‍ර පතනය 
  • කටු 
  • ශල්ක 
  • පත්ර රෝම 
  • මාංසල 
  • ක්ෂීරය

අපදාවය


              "පස ජලයෙන් සංතෘප්ත වූ පසු පෘථිවි පෘෂ්ඨය මතුපිටින් ජලය ගලායාම අපදාව ලෙස හැඳින්වේ."

  • මෙම අවස්ථාවේදී තවදුරටත් කාන්දු විය නොහැක
  • වැස්ස වැසීමේ සීඝ්‍රතාවය වැඩි නම් අපදාවය වීමේ සීඝ්‍රතාව වැඩිය 
  • මතුපිටින් ගලනවිට කාන්දු වීම සහ වාෂ්පීකරණය මගීන් සුළු වශයෙන් ජලය ඉවත් වන අතර ඉතිරි ජලය ජල ප්‍රභව වලට ගමන් කරයි

කාන්දුවීම


            "ජලය වායුගෝලය හා පස් අන්තර් මූණත හරහා පහළට ගමන් කිරීමේ භෞතික ක්‍රියාවලිය කාන්දු වීම ලෙස හඳුන්වයි"


වෑස්සීම


            "පෘථිවිය මතුපිටට ලැබෙන වර්ෂා ජලය පාංශු ස්තර හරහා පස තුළට ඇතුල් වීමේ ක්‍රියාවලිය වෑස්සීම නම්වේ"
  • පාංශු තෙතමනය අඩු අවස්ථාවලදී වැසීම වැඩි අතර, 
  • පාංශු ජලය සංතෘප්ත වනවිට වැසීමේ ශීඝ්‍රතාවය අඩු වේ 
වර්ෂාපතන සීඝ්‍රතාවය වෑස්සීමේ ශීඝ්‍රතාවයට වඩා වැඩි අවස්ථාවලදී අපදාවය වීම සිදුවේ


අතුරු කඩනය


                 "පෘථිවියට ලැබෙන වැසි ජලය පස මතුපිටට ලඟා නොවී ශාකවල ශාක පත්‍ර අතු සහ තෘණ මතට පතිත වීම අතුරුකඩනය ලෙස හඳුන්වයි" 

  • මෙලෙස පෘථිවි පෘෂ්ඨය මතට ජලය ලැබීමට බාධා වීම නිසා කාන්දුවීම වෑස්සීම හෝ අපදාවය ක්‍රියාවලීන්ට බදුන් නොවී ජලය වාෂ්ප වීම සිදුවේ
  • එවිට මෙම ජලය ජලපෝෂක වලට නොලැබී යා හැකිය


වර්ෂණ ආකාර

  • හිම 
  • හිමකැට වැස්ස 
  • මීදුම 
  • තුෂර 
  • වර්ෂාව


ජලවාෂ්ප ඝනීභවනය වීමෙන් සෑදෙන වළාකුළු ප්‍රධාන ආකාර තුනකි,
  1. කෙඳි වළාකුළු 
  2. කැටි වළාකුළු 
  3. අකුණු වළාකුළු 


 පොළොවේ සිට පිහිටන උස අනුව

  1. පහල වළාකුළු 
  2. මධ්‍යම වලාකුළු 
  3. ඉහළ වළාකුළු


වර්ෂාපතන ආකාර

  • සංවහන වැසි 
  • මෝසම් වැසි 
    • නිරිතදිග මෝසම 
    • ඊසාන දිග මෝසම
  • වාසුළි වැසි


  • සංවහන වැසි 
    • ජල වාෂ්ප අඩංගු වායු කන්ද රත් වී ඉහළට චලනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සංවහන වර්ෂාපතනය ඇති වේ.

  • මෝසම් වැසි
    • ජල වාෂ්ප සහිත වාතය සුළං ආකාරයෙන් පැමිණ කඳු වැනි ස්වභාවික බාධක ඔස්සේ ඉහළට එසවීමේ ප්‍රතිඵලයක් ලෙස මෝසම් වැසි ඇතිවේ. මෙහිදී කඳු ප්‍රදේශයේ සුළං මුහුණත ප්‍රදේශයට වැසි ලැබෙන අතර සුළං මුවාවට වියලි සුළං ලැබේ.

  • වාසුළි වැසි
    • වායු කදම්බයක් ඉහළ පීඩන කලාපයේ සිට, පහල පීඩන කලාපයක් දක්වා චලනය වීමේ ප්‍රතිඵලයක් ලෙස වාසුලි වැසි ඇතිවේ. පෘථිවිය මතුපිට අසමාන ලෙස රත්වීම නිසා මෙම පීඩන නිර්මාණය වේ.